අදත් වෙනද වගේම වැඩ ඇරිල කෝච්චියට නැගල ආව කියපන්කො මගේ ප්රාන්තයට. ඒ ඇවිත් බහිනකොටටම මගේ එතින් ඉස්කෝලෙ යාලුවො දෙතුන් දෙනෙක් ඉන්නව ඒ ලගම. මුන් එක්ක තමා එතින් මන් වැඩ ඇරිල ගෙදර එන්නෙ. ගෙදර එනව කීවත් එතින් මග පොඩි පොඩි ලයින් තියනව කියපන්කො. උබල දන්නවනෙ එතින්. දවසක් එතින් ආතල් එකටත් එක්ක මලක් ගහමු කියල සෙට් උනා. ආ කියන්න බැරි උනා. අපේ සෙට් එකේ එකෙක් ඉන්නව. ම්ම්ම්ම්ම්ම් උගෙ නම කියන එක හරි නෑ. ඒ හින්ද අපි ඌට කියමු බෙනා කියල. කොහොමත් මූ බෙනා වගේම තමා. මොකද කියනව නම් මූ බැරි ලෝකෙ කාල අයිස් ක්රීම් කාපු එකෙක්. ඒ තරම් මූ ඇම්ක්ක්කොහෙමෙන් කොහොම හරි මූ ගෙනාව දෙන් මලක් මලක් කිවට එතින් මල මොකද්ද කියන්න උබල දන්නවනෙ. දැන්එතින් මලත් අරගෙන වෙල් යායකට ගියා
මේක ගහන්න කියල. අපේ බෙනා තමා මේක ඔතන්නෙ. ඔතල ඉවර වෙලා පත්තු කරල ගැහුව. අම්මට සිරි පට්ට බඩු ටික. දැන් එතින් වටයක් සෙට් එක ගහගෙන යනකොක් කට්ටියට හොදටම වැදුන කියපන්කො.. තනිකර මචන් කාණාමැදිරියො අපිට පේන්නෙ මචන් අහසෙ පායපු තරු වගේ. එතින් කොහොමෙන් කොහොම හරි දන්නෙම නැතුව වේලාවත් ගිහින් මචන්. මටත් වැදුන නිල් වෙන්න. ඊට පස්සෙ මගෙ යාලුවො සෙට් එකත් ගෙදරට දාල මාත් ගෙදර එන්න ගත්ත. හරියටමඋන්ගෙ ගෙවල් ලග ඉදල අපේ ගෙවල් ලගට එන්න පුලුවන් මචන් විනාඩි විස්සකින් විතර. වැඩේ කියන්නෙ මන් ආව කියපන්කො පැය දෙකක් විතර. (ඒ කිවට හරියටම මට ගෙදර එන්න මට විනාඩි 25 යි ගිහින් තිබුනෙ.) ඒ ත් මට මචන් joint එක වැදුන නිසා මන් bike ඒකේ ආවට මට තේරෙන්නෙ නෑ. කොහොම හරි ගෙදර ආව කියපන්කො. අඇවිත් wash එකක් දාන්න කලින් මගෙ සිරිත තමා මචන් බොක හලන එක. ඔන්න එහෙමයි කියල ගියා කියපන්කො බොග දාන්න. අපේ බොග දාන කාබරේ lock එකට තියෙන්නෙ බන් පොඩි wire කෑල්ලක් ඇනේක පටලවන්න. මාත් එතින් ඇනේ එහෙම පටලවල මචන් බොග දාන්න ඉදගත්ත. තාම අර මල් වල වැදුන ගතිය තියනව. බොගත් මචන් මම වෙනදට වඩා සෑහෙන වෙලාවක් දාල තිබුන. අම්ම කෑ ගහනව උබ ඕක ඇතුලෙ මැරිලද කියල. මට එන්න විදිහක්නෑ කියපන්කො මොකද දන්නවද මන් අර ගැට ගහපු ලනුව පැටලිලා බන්. මාර කේස් එක බන්. කොහොම හරි ඔට්ටු වෙලා ඇරගෙන එලියට ඇවිත් wash එකත් දාගෙන ගෙට ගියාම අම්ම කියපි තෝ ගුලි කාලද ගෙදර අවේ කියල. ඔන්නඔහොමයි එදා දහසක් මල් මැද පතපු එකම මල නිසා මට වෙච්ච දේ...
Subscribe to:
Post Comments (Atom)
Copyright © පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම් +21. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks
0 comments:
Post a Comment