දවස 2013.12.29 වේලාව පාන්දර 2.55 යි
මචන් අනේ මන්ද අද දවස අම් පටන් ගත්තෙ මහම මහ මූසල විදියට ඒ මොකද කියනව නම් ඇස් පනා පිටම මිනිහෙක් මැරුන බන් අපිට බේරගන්න බැරි උනා. මේ වෙලාව වෙනකොට මන් නිදාගෙන හිටියෙ, ඒත් ඊට ටික වෙලාවකට කලින් මන් නැගිටල වතුර ටිකක් බීව. ඊට පස්සෙ ආයෙත් ඇදට ගිහින් නිදාගෙන ඉන්නකොට තමා මේක උනේ. අපේ ගෙවල් ලග ලොකු වන්ගුවක් තියනව බන්. අපේ මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න මචන් පාරත් සුපිරියටම කාපට් කරල තියෙන්නෙ. ඒ හින්ද මචන් පාරෙ යන වාහන වල රෝද හතර තියෙන්නෙ පොලවෙන් උඩ. මුන් යනව නෙවේ බන් පියාබනව. ඔහොම මන් නිදාගෙන ඉන්නකොට මට එක පාරටම බ්‍රේරේක් සද්දයක් ඇහුන ඒත් එක්කම මොකක් හරි ගහක වදින සද්දෙකුත් ආව මචන්. වෙනදත් මේ වගේ සිද්දි මාසෙකට දෙපාරක් තුන් පාරක් විතර වෙනව. ඒ නිසා මට හිතුන වාහනයක් පෙරලුනා තමා කියල. ඇදෙන් නැගිටල දුවගෙන ගියා. අපේ තව අයිය කෙනෙකුත් එක්ක.
යනකොට මචන් පාරෙ කිසිම වාහනයක් පෙරලිලා නෑ. ටික්ක බලනකොට මනුස්සයෙක් කෑ ගහනව ඇහුන. අපි ඉක්මනට ඒ පැත්තට දුවගෙන ගියා. ඒ යනකොට වෑන් එකක් මචන් සියබලා ගහේ වැදිල වෙලට පෙරලිලා තිබුනා. අපි (මමයි, අර අයියයි) එතෙන්ට යනකොට වෙන කවුරුවත්ම ඇවිත් නෑ. ගමේ අනික් අයට ඇහිල නෑ මේක පෙරලෙනව. අර වෑන් එකේ එලවගෙන ආපු කොල්ල කෑ ගහන්ව බන් මට අමාරුයි මාව එලියට ගන්න කිය කිය. අපි දෙන්න බැහල ගන්න බලනකොට අපි දෙන්නට විතරක් ගන්න බෑ මචන් ඒ මොකද කියනව නම් වැදුන පාරට මචන් ඉස්සරහ ඔක්කොම ගලවගෙන මුගෙ ඇග උඩට ඇවිත්.. දොරවල් එහෙම ඇබරිලා. කොහොම හරි හිතා ගනින් මේක වැදුන පරාට අරූව අර යකඩ ගොඩේ හොදටම් හිර වෙලා. අපි ඊට පස්සෙ කෑ ගහල මනුස්සයො ගෙන්නගෙන මාර උත්සහයක් දැරුව බන් බේරගන්න. ඒ බේරගන්න අතරෙ මූට පන තිබුන. එත්හ් ඌ වැදුන විදියිට කොල්ලව එලියට ගන්න අපිටහරියටම පැය දෙකක් ගියා මචන් එතකොට හිතා ගනිල්ල මූ කොහොම වැදිල්ලක් වදින්න ඇද්ද කියල. ඒ ගන්න අතරෙ මූ කතා කරන එක ටික ටික නැවතුනා, අත පය හොල්ලන එක නැතුව ගියා. එතකොට අපිට හිතුන මූ මැරෙන්න ඇති කියල. එත් අපි මචන් පුලුවන් තරම් ඉක්මනට මූව එලියට අරගෙන ඉක්මනට ඉස්පිරිතාලෙට එක්ක ගියා. ඒ එක්ක යනකොටත් ඉස්පිරිතාලෙන් කීව කොල්ල මැරිල කියල.
මේකත් මට මගෙ ජීවිතේට ලැබුන අත්දැකීමක් ඒ මොකද කියනව නම් මේ කොල්ල බීල හිටියෙ මචන් ඒකයි දුක මොකද ඒක ඌ විහිනම කරගත්ත වගේ වැඩක් ඒ මොකද කියනව නම් මචන් බීල ඇත්තටම වාහන එලවන්න හොද නැහ. උබලත් එහෙම එලව නව නම් දෙපාරක් නෙවේ දහපාරක් හිතපන් මොකද ඒ වෙලාවට අපි නෙවේ බයිසිකලේ පදින්නෙ මාරය මචන් පදින්නෙ. මමත් අදින් පස්සෙ හිතා ගත්ත බීල නම් වාහන එලවන්නෙ නෑ කියල.
අපේ අප්පච්චි නම් කියල තියෙන්නෙ "තොට බොන්න එපා කීවට අහන්නෙ නෑ නේ ඒක හින්ද එක්කො බීපු තැනක නිදා ගනින්, එක්කො ගෙදර ඇවිත් ගෙදරට වෙලා බීපිය" කියල.
ඒ කියන කතාවත් ඇත්ත තමා නෙද බන්. ඒ මොකද අපේ දෙමාවුපියො අපිව ලොකු කරන්න කොච්චර මහන්සි වෙනවද. උබල බීල ගිහින් අකාලයේ මැරුනම ඒ දෙන්නට කොච්චර දුකක් දැනෙයිද. ඒ හින්ද උබලත් මේ කීව එක පොඩ්ඩක් හිතල බලපන්.
පස්සෙ දැන ගන්න ලැබුනු දේවල් වල හැටියට මූ බැදපු කොල්ලෙක්, වයස 32 ක් විතර වෙනවලු, ඇමරිකාවෙ ඉදල ලන්කාවට ඇවිත් තියෙන්නෙ නත්තලට. බලපන් ඒ කියන්නෙ මූ ලන්කාවට ඇවිත් වැඩි දවසක් නෑ නේද කියල.
Dec
Saturday,
උබලත් බොනව නම් අනිවා බලපන්
Posted by මගේ ජීවිතේ at 12/28/2013 09:03:00 PM
Subscribe to:
Post Comments (Atom)
Copyright © පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම් +21. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks
0 comments:
Post a Comment